ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
පේඩි කෝලම — Ariyapla Mask Museum

පේඩි කෝලම

Ariyapla Mask Museum Kolam (Comedian)
දිනය/කාලවකවානුව
2026-03-08
ලේඛන අංකය
AMM/003

සම්පූර්ණ විස්තරය

ජසයා වූ කලී වයසට ගිය කම්මැලි රෙදි සෝදන්නෙකි. තම බෑණා සමඟ රඟ මඩලට පිවිසෙන ඔහු රජුට පාවාඩ එලීම සඳහා රෙදි සේදීමට පටන් ගනියි. ජසයා එම කටයුත්තනිසියාකාරව නොකරන බව දකින කාරිය කරවන රාළ ඒ සඳහා සහායට ඔහුගේ බිරිඳ කැඳවා ගන්නා ලෙස කියයි. ඇය පැමිණියාට පසු එතනින් යන දිස්ත්‍රික් ප්‍රධානියා වූ මුදලි මෙම රූමත් කාන්තාව දැක ඇය සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන අදහසින් තම අතවැසියා වෙනත් රාජකාරියක් සඳහා පිටත් කර යවයි වහාම ආපසු එන මෙම අතවැසියා කිහිප විටක්ම බැහැර යැවීමට මුදලිට සිදු වෙයි අන්තිමේදී මුදලිගේ නියම චරිතය අනාවරණය කරන අදහසින් තමා අළුත උපන් ළදරුවකු දුටු බවත්, එම ළදරුවා මුදලිගේ රූප -යට සමාන රූපයක් ඇති බවත් අත වැසි පවසයි වහාම මාතෘකාව වෙනතකට යොමු කරන මුදලි ජසයා පිළිබඳව කරන්නට ඇති පැමිණිලි ගැන ජසයාගේ බිරිඳගෙන් විමසයි. ඇය සිය සැමියාගේ බීමත්කම සුදු කෙළින බව හා සෑම විටම ගෙදරින් බැහැරව සිටින බවත් කියයි. ජසයා පිළිතුරු සපයමින් සිය බිරිඳට ආලවන්තයින් රාශියක් ඇති බවත් මුදලිතුමාගේ සගයාද ඉන් එකෙකු බවත් කියයි සගයා තර්ක කරමින් එය එසේ ‍නොවන බව ඔප්පු කරයි. මෙහිදී විත්තිකරු පැමිණිලිකරු වීමත්, පැමිණිලිකරු විත්ති කරු වීමත් සිදුවේ මුදලිගේ සගයාගෙන් ජසයා පහර ලබයි. මුදලි එහි දෙමාල්ලන්ට සාමයෙන් පසුවන ලෙස උපදෙස් දෙයි. කෝලම් හි ආරම්භය පහත සඳහන් රංගන මත පිහිටා ඇත.
මහා සම්මත රජු බිසවට වෙස් මුහුණු පැළදි රංගනයක් බැලීමේ දොළ දුකක් උපත එය නැවත නැවතත් ඈ ඉල්ලු-වාය. එවිට චිත්‍ර හා කැටයම් කරුවාගේ දෙවියා වූ විශ්ව කර්ම ම රංගනයට අවශ්‍ය වෙස් මුහුණු හා කවි සැපයුවේය. එය මේ දක්වා පවතී. විවිධ රැකියා හා සම්බන්ධිත කණ්ඩායම් අතර බෙර වයන්නා රෙදි සෝදන්නා රාජකීය ආරක්ෂකයා. ආරච්චි මුදලි වැනි නිළධාරීහු ඔවුන්ගේ යුතුකම් ඉටු කරමින් රාජකීයයන්ගේ පැමිණීමට කටයුතු සංවිධානය කළහ.