හර්කියුලිස් සීනුව
- යුගය
- Colonial
- භාවිත කළ අමුද්රව්ය
- Bronze
- මානයන් (ප්රමාණය)
- H-24cm, D-27cm, T- 27.7cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Hercules Archaeological Site
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 04
- ලේඛන අංකය
- MAMG/2009/M/03
සම්පූර්ණ විස්තරය
මෙම ලෝකඩ සීනුව 1661 මැයි 22 වන දින ගාලු වරායේ දී ගිලී ගිය ලන්දේසි නෞකාවක් වන හර්කියුලිස් නෞකාවට අයත් විය. එය ගාල්ල වරායේ උතුරු කොටසේ ස්ථානයකින් සොයා ගන්නා ලදී. සීනුවේ බාහිර මතුපිට ලතින් සෙල්ලිපියක් ඇත: 'AMOR VINCIT OMNIA ANNO 1625' ('ආදරය සියල්ල ජය ගනී, මගේ ස්වාමීන්ගේ 1625 වසර' ලෙස පරිවර්තනය කර ඇත).
ඓතිහාසික පසුබිම
ටොන් 540ක් බරැති VOC (ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගමට අයත්) හර්කියුලිස් යාත්රාව, 1661 මැයි 21-22 දිනවල ඇති වූ දරුණු කුණාටුවක් අතරතුර, බොක්ක වෙත ඇතුළු වීමට උත්සාහ කරමින් සිටියදී ගාලු වරායේ ගිබෙට් දූපත අසලදී ගිලී ගියේය.