Spear head
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-05
- භාවිත කළ අමුද්රව්ය
- Coppor Alloy
- මානයන් (ප්රමාණය)
- L-367 mm, W-80 mm, THK-22 mm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 07
- ලේඛන අංකය
- GDV/2014/74
සම්පූර්ණ විස්තරය
2013, 2014 වසරවලදී සිදු කරන ලද පර්යේෂණවල ප්රතිඵල ලෙස හමු වූ හෙලිතුඩ සුවිශේෂීය. ඒ අනුව හෙල්ල යුධෝපකරණයක් ලෙස යාත්රාවල ද භාවිත කර ඇති බව පැහැදිලිය. විවිධ හැඩයන්ගෙන් හා විවිධ ප්රමාණයගෙන් යුත් හෙල්ල නිර්මාණය කර ඇති අතර තඹ මිශ්රිත ලෝහයකින් එය නිර්මාණය කර ගන්නට ඇත්තේ ශක්තිමත්භාවය හා එහි කල්පැවැත්ම පිළිබඳ සලකා විය යුතුය.
යුධෝපකරණයක් ලෙස භාවිත කළ එකක් ලෙස පැහැදිලි මෙම හෙළිතුඩට දැවමය මිටක් සම්බන්ධ කර තිබූ බව පැහැදිලිය. එසේම මෙම පුරාවස්තුව රසායනාගාර සංරක්ෂණ ක්රියාවලියට ලක් කිරීමේදී සුවිශේෂී සොයා ගැනීමක් සිදු විය. හෙළිතුඩ සහ ඊට සම්බන්ද කර තිබූ මිට සම්බන්ධ කිරීමේදී එය හොඳින් තදවීම සඳහා තන්තුමය කෙඳි වර්ගයක් යොදාගත් බවට සාධක හමුවීමයි. ඒ අනුව හෙළිතුඩ හා එහි මිට වෙන් වෙන්ව සම්බන්ධ කර තිබූ බව පැහැදිලිය. ගොඩවාය යාත්රාවෙන් හමු වූ හෙළිතුඩෙහි කොටස් බොහොමයක් හායනය වී ඇති නිසාවෙන් එහි හැඩය පිළිබඳ පූර්ණ නිගමනයකට පැමිණිය නොහැකි තත්ත්වයක් පවතී.

ඓතිහාසික පසුබිම
The Spear head from the Godawaya shipwreck represent a unique archaeological resource for understanding ancient metallurgical production and Indian Ocean trade. Archaeological proximity to the Akurugoda smelting site and the Seruwila ore deposit suggests a potential local link; however, current compositional evidence points towards a non-local source.