ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
Complete Rim — Maritime Archaeology Museum

Complete Rim

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-05
භාවිත කළ අමුද්‍රව්‍ය
Clay
මානයන් (ප්‍රමාණය)
L-11.5cm, W-10cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 09
ලේඛන අංකය
GDV/2014/93

සම්පූර්ණ විස්තරය

2014 වර්ෂයේ දී ගොඩවාය පුරාක්ෂේත්‍රයෙන් මෙම බඳුන් කොටස හමුවී තිබේ. බඳුන් කොටසේ දිග සෙ.මී. 11.5 ක් ද, පළල සෙ.මී. 10 ක් ද, බර ග්‍රෑම් 822 ක් ද ඝනකම මි.මී. 7.3 ක් පමණ වේ.
ඓතිහාසික පසුබිම ක්‍රිස්තු පූර්ව 2වන සියවසට කාලනිර්ණය කර ඇති මෙම නෞකාවෙහි හමුවන මැටි බදුන් ක්‍රි.පූ 2-3 සියවස්වලට අයත් ඒවා ලෙස සැලකේ. මැටි බදුන් පිළිබඳ සිදු කළ විශ්ලේෂණයන් මගින් ද ඒ බව තහවුරු වී ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්‍රයෙන් හමුවන මෙම බඳුන් ද සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්‍රයෙන් එමආකෘති අතරින් 7කට අයත් මැටි බඳුන් අවශේෂ ⁣අනාවරණය කොට ගෙන ඇත. ඒ අනුව මෙම මැටි බදුන් ගෘහස්ථ මානව පර්භෝජනය සඳහා මෙන්ම නාවික ගමනාගමන කටයුතුවලදීද භාවිතයට ගත් බව පැහැදිලිය.