ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
Pottery Rim sherds — Maritime Archaeology Museum

Pottery Rim sherds

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-01
භාවිත කළ අමුද්‍රව්‍ය
Clay
මානයන් (ප්‍රමාණය)
H-14cm, W-126cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 09
ලේඛන අංකය
2008/SL/S/Goda/M/02/02

සම්පූර්ණ විස්තරය

2008 වර්ෂයේ දී ගොඩවාය පුරා ක්ෂේත්‍රයෙන් මෙම බඳුන් කොටස (සම්පූර්ණ ගැටි කොටසක්/Rim sherds) හමුවී තිබේ. ජලය සහ වෙනත් දියරයන් ගබඩා කිරීම සඳහා යොදාගත් ගබඩා බඳුනක් (Storage jars) ලෙස හඳුන්වා දිය හැකිය. මෙම බඳුන් කොටසෙහි උස සෙ.මී. 14ක් ද පළල සෙ.මී. 126ක් ද බර ග්‍රෑම් 1989.2 කින් යුක්ත වේ. මෙහි වර්ණය - 5YR 4/3 4/4 Reddish Brown ලෙස පෙන්වාදිය හැක. මෙම බඳුනේ ප්‍රභාවය (Luster) මධ්‍යම පරිමාණයෙන් යුක්ත වේ. මෙහි සංයුතිය ඉතා සියුම් වැලි මිශ්‍රිත මැටි භාවිතයෙන් නිමවා ඇත. බඳ කොටස ක්‍රමයෙන් පළල් වන අතර, පතුල වෘත්තාකාර සහ අර්ධ උල් (semi-pointed) ස්වභාවයකින් යුක්ත වේ. විශේෂයෙන්, බඳ කොටසේ ගනකම සෙ.මී. 1 ක් පමණ වේ.
ඓතිහාසික පසුබිම ක්‍රි.පූ. 2-3 සියවස්වලට මෙම මැටි බඳුන් කාල නිර්ණය කොට ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන් ආකෘතීන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්‍රයෙන් හමුවන මෙම බඳුන් සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්‍රයෙන් ආකෘතින් 7ට අයත් මැටි බඳුන් අවශේෂ අනාවරණය කොට ගෙන ඇත. එලෙසෙම මෙම බඳුන් නාවික ගමනාගමන කටයුතුවලදී මෙන්ම ගෘහස්ථ මානව පරි⁣භා්ජනය සඳහා ද භාවිත කොට ඇති බවට සාධක හෙළි වේ.