Pottery
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-25
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 09
- ලේඛන අංකය
- 2024/SL/S/GDV/M/002/038
සම්පූර්ණ විස්තරය
2024 වර්ෂයේ අප්රියෙල් 22වන දින ගොඩවාය පුරාක්ෂේත්රයේ N10-12 x W8-10 යන ජාල ප්රදේශයෙන් මෙම සම්පූර්ණ බඳුන් කොටස හමුවී තිබේ. මෙම බඳුන් කොටසෙහි උස සෙ.මී. 17.5 ක් ද, පළල සෙ.මී. 7.5ක් හා බර කිලෝග්රෑම් 1.123 ක් පමණ වන අතර මෙහි මුව විවරයේ විෂ්කම්භය සෙ.මී. 7.5 කින් යුක්ත වේ.
ඓතිහාසික පසුබිම
ක්රිස්තු පූර්ව 2වන සියවස්වසට කාලනිර්ණය කර ඇති මෙම නෞකාවෙහි හමුවන මැටි බදුන් ක්රි.පූ 2-3 සියවස්වලට අයත් ඒවා ලෙස සැලකේ. මැටි බදුන් පිළිබඳ සිදු කළ විශ්ලේෂණයන් මගින් ද ඒ බව තහවුරු වී ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්රයෙන් හමුවන මෙම බඳුන් ද සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්රයෙන් එමආකෘති අතරින් 7කට අයත් මැටි බඳුන් අවශේෂ අනාවරණය කොට ගෙන ඇත. ඒ අනුව මෙම මැටි බදුන් ගෘහස්ථ මානව පර්භෝජනය සඳහා මෙන්ම නාවික ගමනාගමන කටයුතුවලදීද භාවිතයට ගත් බව පැහැදිලිය.