ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

අන්තරීක්ෂක සටහන

Maritime Archaeology Museum Trade and Commerce Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-10-17
භාවිත කළ අමුද්‍රව්‍ය
Fiber
ලේඛන අංකය
MAMG/2009/RE/26

සම්පූර්ණ විස්තරය

අනුරාධපුර රන් මසු උයනේ ස්වභාවික ගල් පර්වතයක මුහුණතේ කොටා තිබෙන මෙම සටහන තාන්ත්‍රික බෞද්ධ දර්ශනයේ විස්තර වන මණ්ඩල සටහනකට අනුව යමින් කරන ලද ලෝකයේ සංකල්පිත සිතියමක් ලෙස පිළිගැනේ. පැරණි ශ්‍රී ලාංකිකයින් තමන්ගෙන් පරිබාහිර ලෝකය පිළිබඳව කල්පනා කළ ආකාරය ඉන් පිළිඹිබු කරයි. වෘත්ත චතුරශ්‍ර වලින් සමන්විත මණ්ඩලයක් මගින් විශ්වය නිරූපණය කරයි. එවැනි මණ්ඩල භාවනාවේ අරමුණු සඳහා භාවිත කෙරේ. විශ්වයත් එකී විශ්වය තුළ තමාගේ පිහිටීමත් අවලෝකනය කිරීමට එම සටහන ඉවහල් කර ගැනේ. මෙම සටහන ක්‍රිස්තුවර්ෂයෙන් හත් වන හෝ අටවන සියවසට අයත් යැයි සැලකේ.