කඹය
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-17
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- 2001/GHL/002/L
සම්පූර්ණ විස්තරය
කඹ පුරාණ කාලයේදී මෙරටින් අපනයනය කළ දේ අතර ප්රධාන තැනක් ගත්තේය. විශේෂයෙන් ඒවා භාවිතා කරන ලද්දේ නාවික ගමනා ගමන කටයුතු සඳහාය. නිවර්තන කලාපීය, දේශගුණික තත්ත්ව යටතේ කඹ පහසුවෙන් දිරා යන නිසා ඒ පිලිබඳ පුරා විද්යාත්මක සාධක විරලය. ක්රි.ව. 1659 දී ගාලු වරායේ ගිලී ගිය ඇවොන්ඩ්ස්ටර් නම් වූ නෙදර්ලන්ත නෞකාව කැණීමෙන් එවැනි පැරණි කඹයක කොටස් සොයා ගැනිණ. එම අවශේෂ පුරාණ කාලයට අයත් කාබනික ද්රව්යක් සම්බන්ධයෙන් මෑතක දී සොයා ගන්නා ලද වැදගත් සාධකයකි.