Complete pot
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-04
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- මානයන් (ප්රමාණය)
- H-230.45mm, DM-11.5cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 09
- ලේඛන අංකය
- GDV/2013/28
සම්පූර්ණ විස්තරය
2013 වර්ෂයේ දී ගොඩවාය පුරාක්ෂේත්රයෙන් මෙම සම්පූර්ණ බඳුන හමුවී තිබේ. මෙම බඳුන් කොටසෙහි උස මි.මී. 230.45ක් ද, දිග (Body) සෙ.මී. 72ක් හා මුව විවරයේ විෂ්කම්භය සෙ.මී. 11.5 ක් පමණ වේ. සාමාන්ය බඳුන් වර්ගයට (Plain ware) අයත් මෙහි වර්ණය 5YR 4/3 4/4 Reddish Brown වේ.
ඓතිහාසික පසුබිම
ක්රිස්තු පූර්ව 2වන සියවස්වසට කාලනිර්ණය කර ඇති මෙම නෞකාවෙහි හමුවන මැටි බදුන් ක්රි.පූ 2-3 සියවස්වලට අයත් ඒවා ලෙස සැලකේ. මැටි බදුන් පිළිබඳ සිදු කළ විශ්ලේෂණයන් මගින් ද ඒ බව තහවුරු වී ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්රයෙන් හමුවන මෙම බඳුන් ද සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්රයෙන් එමආකෘති අතරින් 7කට අයත් මැටි බඳුන් අවශේෂ අනාවරණය කොට ගෙන ඇත. ඒ අනුව මෙම මැටි බදුන් ගෘහස්ථ මානව පර්භෝජනය සඳහා මෙන්ම නාවික ගමනාගමන කටයුතුවලදීද භාවිතයට ගත් බව පැහැදිලිය.