Grinding Stone
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-04
- භාවිත කළ අමුද්රව්ය
- Stone
- මානයන් (ප්රමාණය)
- W-16.5cm L-10.5cm THK-5.8mm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- ලේඛන අංකය
- GDV/2013/29
සම්පූර්ණ විස්තරය
මතුපිට ත්රිකෝණාකාර හැඩැති රැලි සළකුණු ඇත. අවාසාදිත පාෂාණයකින් සකස් කර ඇත. බඩ ප්රදේශයේ තියුණු දාර දැකගත හැකිය. වැලිගල්වලින් සැකසී ඇත. (Sandstone) වැලි හා සිල්ටි අඩංගුය.
ඓතිහාසික පසුබිම
ක්රි.පූ 2000 කට පමණ පෙර සමුද්රීය වෙළෙඳාම (පුරාණ ඉන්දියානු සාගර ජාල) තුළ වෙළඳ භාණ්ඩ ලෙස වැදගත්කම පිළිබිඹු කරන සාධකයක් ලෙසින් ගොඩවාය නෞකාවෙන් හමුවන ඇඹරුම්ගල් හා අත්ගල් හඳුනාගත හැකිය. හමුවන ඇඹරුම්ගල් හා අත්ගල් අතරින් එකිනෙක යුගල කල හැකි කට්ටල පහක් පමණ ඇති නිසා මෙම ද්රව්ය ඇඹරුම් කාර්යය සඳහාම යොදාගත් බව නිගමනය කළ හැකිය. එසේම මේවා මගින් සමුද්රීය හුවමාරුවේ කේන්ද්රස්ථානයක් ලෙස ශ්රී ලංකාවේ භූමිකාව ඉස්මතු කරන අතර පුරාණ කාලයේ ඇඹරුම් තාක්ෂණයේ සංස්කෘතික, දේශීය සහ ආර්ථික වටිනාකම හෙළි කරයි.