ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
රාක්ෂ කෝලම — Ariyapla Mask Museum

රාක්ෂ කෝලම

Ariyapla Mask Museum Kolam (Comedian)
දිනය/කාලවකවානුව
2026-03-08
ලේඛන අංකය
AMM/006

සම්පූර්ණ විස්තරය

රාක්ෂයන්ගේ රංගනය රක්ෂයෝ රඟ මඬලට පැමිණෙති. ඔවුහු වෙසමුනි රජුගේ අනුගාමිකයෝය. ඔවුහු ද, ඔවුන්ගේ ස්වාභාවය ප්‍රකාශිත අලංකාර රංගනයක් ඉදිරිපත් කරති. හිසෙහි නයි පෙන සහිත දීප්තිමත් රාක්ෂ මුහුණින් යුතුවා ගෙල වටා දඟලන නාගයෙක් ද සහිතව ආභරණයන් ගෙන් ජ්වලිත. නාගයන් දෙදෙනෙකු දරමින් ලෝකාධිපති වූ රාක්ෂයෙක් රඟ මඩලට පැමිණ රඟයි. එමෙන්ම නාග රාක්ෂයාද හඳුන්වා දෙයි. ඔහුගේ රංගනයද අලංකාර ලෙස සිදු කරයි.
ඉන් පසු ගුරුළු රාක්ෂ පැමිණෙයි මුළු සිරුරම වැසෙන සේ සළුද, ආභරණ පැළඳ සිටී හිසෙහි ඔටුන්නකි. ඔහුගේ හොටය හා දෙපා බැබලෙයි මිනිසුන් බිය ගන්වන විෂකුරු නාගයෙක් ඔහුගේ හොටයේ වෙයි. එවිට සියළු බිය දුර්භූතකරවමින් ගුරුළා රඟයි සම්ප්‍රදායානුකූලව ගුරුලා ලංකාවේ සිටි සියළුම විෂකුරු නාගයන් වනසා ඇත. ඉන් මිනිසුනට ලංකාවේ ජීවත් වීමට හැකි විය. ඔහුගේ නැටුම වේගවත්ය. යොඹන රාජාලියකු හා සමානය.