ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
අණබෙර  කෝලම — Ariyapla Mask Museum

අණබෙර කෝලම

Ariyapla Mask Museum Kolam (Comedian)
දිනය/කාලවකවානුව
2026-03-21
ලේඛන අංකය
AMM/013

සම්පූර්ණ විස්තරය

රාජකීයයන්ගේ සම්ප්‍රාප්තිය පළ කිරීම සඳහා රඟ මඬලට පිවිසෙන බෙරකරු බීමත්ව සිටින මොහුරඟ මඬලට පිවිස බිම වැටෙයි. කාරියකරවන රාළ මොහුගේ දුබල බව තේරුම් ගෙන අණ බෙරකරුගේ පුතු අමතා සිය පියාගේ උදව්වට මෑණියන් කැඳවන ලෙස ඉල්ලයි. ඇය රඟ මඬලට පිවිස සිය ස්වාමියාට නැඟිට සිටීමට සහාය වෙයි. නැඟිටීමෙන් අනතුරුව ඔහු ඇය සමඟ දබර කොට ඇය රඟ මඬලෙන් පලවා හරියි. මෙවිට කාරියකරවන රාළ නැටුමක් නටන සේ අණ බෙරකරුට ආරාධනා කරයි. මේ නැටුමින් අනතුරුව කාරියකරවන රාළ ඊළඟ චරිතය සභාවට හඳුන්වයි.