ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
ධනුද්දර ජාතකය — Ariyapla Mask Museum

ධනුද්දර ජාතකය

දිනය/කාලවකවානුව
2026-03-08
ලේඛන අංකය
AMM/010

සම්පූර්ණ විස්තරය

තක්සිලාවෙහි ඉගෙණුම අවසන් කළ මනමේ කුමරු සිය බිරිඳත් සමඟ තම රාජධාණිය කරා එමින් සිටියේය එම ගමනේදී ඔවුනට ඝණ වනාන්තරයක් පසු කිරීමට තිබිණ.
මේ වනයේදී ඔවුනට වැදි පිරිසක් හමු විය. කුස ගින්නෙන් පෙළුන කුමරු මස් ස්වල්පයක් ඔවුන්ගෙන් ලබා ගැනීමට සිය බිරිඳ යැවී එම කුමරිය දුටු වැදි රජ ඈ කෙරෙහි සිත් බැඳ ගත්තේ කුමරු හැර පියා තමන් වෙත එන ලෙස ඇයට කීය. ඔහු ඇයට දඩ මස් ස්වල්පයක් දුණි. නමුත් ඇය එම මස් ආපසු වැදි රජුන් වෙත දුන්නේ සිය සැමියා අමු මස් කෑම ප්‍රිය නොකරන බැවිණි මේ ක්‍රියාව නිසා වැදි රජ උරණ විය. රජ කුමරු වැදි රජුගේ අවසරය නොලබා වනය තරණය කිරීමට පැමිණීමත්, තමන් දුන් මස් ආපසු දීමත් වැදි රජුගේ කෝපය වඩාත් දියුණු කළේය.

මේ කරුණු නිසා රජ කුමරු හා වැදි රජ අතර අරගල -යකට මං පෑදුනි. රජ කුමරු තම කඩුවත් අතැතිව වැදි රජු හා පොර බැදීමට නොහැකි නිසා ප්‍රවේසමෙන් තබා ගන්නා ලෙස එය කුමරියට දුනි. වැදි රජු හා පොර බැදූ රජ කුමරු විසින් වැදි රජ බිම හොවා කඩුව තමනට දෙන ලෙස කී විට කුමරිය කඩු කොපුව කුමරුටත්, කඩුව වඳි රජුටත් දුනි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් වැදි රජ එකෙනෙහිම කමරා ජිවිතක්ෂයට පත් කළේය
ඉන් අනතුරුව කුමරිය පැළඳ සිටි රන් ආභරණ ගඟින් එතෙරට සුරක්ෂිතව ගෙන යායුතු බැවින් ඒවා ගලවා තනෙට දෙන මෙන් වැදී රජ කියේය. කුමරිය එසේ කළ පසු ගඟ එගොඩට වන වැදි රජ ඈ ප්‍රතික්ෂේප කළේය. සිය සැමියා මැරීමට උපකාරී වූ ඇය දුෂ්ඨ ස්ත්‍රියක් බවත් තමාටද එම ඉරණමම අත් විය හැකි බවත් හේ කීය කුමරිය ඝණ වනාන්තරයේ තනි වී විලාප කියන්නට විය සක් රජ මෙය දැක කුමරිය අපහාසයට ලක් කරනු ස් නරියකු ගේ වේෂයක් ගෙන ඈ ඉදිරියෙන් ගියේය නරියා මස් කැබල්ලක් තම කටෙහි රඳවා ගෙන යන්නේ ගඟේ පීනන මාළුවකු දැක ඌ ඇල්ලීමට පැන්නේය එයින් කටේ තිබූ මස් කැබැල්ල ද නැති වී මාළුවා ද අල්ලා ගැනීමට නොහැකි විය. කුමරිය මේ දැක නරියාට සරදම් කරන්නට විය නරියා කියනුයේ තොප මට කුමට සරදම් කරන්නෙහිද? ඔබ දඹදිවටම සිටි ඥාණවන්ත කුමාරයකුට සරණ පාවා දෙන ලද්දෙහිය. නමුත් ඔබ ඔහු හැර පියාගහ ඔබ සතුව තිබුණු ආභරණ ද ඔබට අහිමි විය අප දෙදෙනාගෙන් වඩාත් මෝඩ අය දැන් ඔබට නොවැටහේද යනුවෙන් සිවලා ඇසීය කුමරියට සත්‍ය අවබෝධ වූයේ එවිටය.