ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
Piece of Bowl — Maritime Archaeology Museum

Piece of Bowl

Maritime Archaeology Museum Maritime History Historical විශේෂිත
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-06
භාවිත කළ අමුද්‍රව්‍ය
Clay
මානයන් (ප්‍රමාණය)
L-10.4cm, W-6.4cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Conversation Labotory
ලේඛන අංකය
SL/S/GDV/2019/041

සම්පූර්ණ විස්තරය

2019 වර්ෂයේ දෙසැම්බර් 01වන දින ගොඩවාය පුරාක්ෂේත්‍රයෙන් මෙම බඳුන් කොටස (පාත්‍ර කොටසක්) හමුවී තිබේ. මෙම බඳුන් ගැටිය රහිත සරල මුවවිවරයකින් (rimless) යුක්ත වේ. මෙම බඳුන් කොටසෙහි දිග සෙ.මී. 10.4ක් ද, පළල සෙ.මී. 6.4 ක් හා බර ග්‍රෑම් 68 ක් පමණ වන අතර මෙහි ඝනකම සෙ.මී. 0.4 කින් යුක්ත වේ. සාමාන්‍ය බඳුන් වර්ගයට අයත් මෙහි වර්ණය කාල-රක්ත (BRW) වර්ණයෙන් යුක්ත වේ.
ඓතිහාසික පසුබිම ක්‍රිස්තු පූර්ව 2වන සියවසට කාලනිර්ණය කර ඇති මෙම නෞකාවෙහි හමුවන මැටි බදුන් ක්‍රි.පූ 2-3 සියවස්වලට අයත් ඒවා ලෙස සැලකේ. මැටි බදුන් පිළිබඳ සිදු කළ විශ්ලේෂණයන් මගින් ද ඒ බව තහවුරු වී ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්‍රයෙන් හමුවන මෙම බඳුන් ද සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්‍රයෙන් එමආකෘති අතරින් 7කට අයත් මැටි බඳුන් අවශේෂ ⁣අනාවරණය කොට ගෙන ඇත. ඒ අනුව මෙම මැටි බදුන් ගෘහස්ථ මානව පර්භෝජනය සඳහා මෙන්ම නාවික ගමනාගමන කටයුතුවලදීද භාවිතයට ගත් බව පැහැදිලිය.