Rim With Pottery shade
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-07
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- මානයන් (ප්රමාණය)
- H-13.5cm, DM-18cm, THK- 0.8cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 09
- ලේඛන අංකය
- 2024/SL/S/GDV/M/002/009
සම්පූර්ණ විස්තරය
2024 වර්ෂයේ මාර්තු 21වන දින ගොඩවාය පුරාක්ෂේත්රයේ N1 W20 යන කොටුදැල් අංකයෙන් (Grid Number) මෙම බඳුන් කොටස (Rim With Pottery sherds) හමුවී තිබේ. මෙම වර්ගයේ මැටි බඳුන් දෛනික ව ජලය සහ විවිධ දියර වර්ග භාවිතය සඳහා නිපදවා ඇත. මෙහි වර්ණය කාල-රක්ත (reddish-brown) වර්ණයෙන් යුක්ත වේ. සාමාන්ය බඳුන් වර්ගයට අයත් මෙහි ප්රභාවය (Luster) මධ්යම ප්රමාණයෙන් යුක්ත වේ. මෙහි සංයුතිය සිහින් වැලි මිශ්රිත මැටි භාවිතයෙන් නිමවා ඇත.
ඓතිහාසික පසුබිම
ක්රිස්තු පූර්ව 2වන සියවස්වසට කාලනිර්ණය කර ඇති මෙම නෞකාවෙහි හමුවන මැටි බදුන් ක්රි.පූ 2-3 සියවස්වලට අයත් ඒවා ලෙස සැලකේ. මැටි බදුන් පිළිබඳ සිදු කළ විශ්ලේෂණයන් මගින් ද ඒ බව තහවුරු වී ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්රයෙන් හමුවන මෙම බඳුන් ද සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්රයෙන් එමආකෘති අතරින් 7කට අයත් මැටි බඳුන් අවශේෂ අනාවරණය කොට ගෙන ඇත. ඒ අනුව මෙම මැටි බදුන් ගෘහස්ථ මානව පර්භෝජනය සඳහා මෙන්ම නාවික ගමනාගමන කටයුතුවලදීද භාවිතයට ගත් බව පැහැදිලිය.