ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
Glass Ingot — Maritime Archaeology Museum

Glass Ingot

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-01
භාවිත කළ අමුද්‍රව්‍ය
Glass
මානයන් (ප්‍රමාණය)
H-9cm, W-19cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 06
ලේඛන අංකය
2008/SL/S/Goda/M/02/01

සම්පූර්ණ විස්තරය

ගොඩවාය නෞකාවෙන් හමුවන මෙම වීදුරු කුට්ටි නිර්මාණය කිරීම සඳහා ස්වාභාවික ඛනිජ වැලි සහ වෙනත් අමුද්‍රව්‍ය, යොදාගෙන ඇත.
ඓතිහාසික පසුබිම ඈත අතීතයේදී ස්වාභාවික ඛනිජ වැලි සහ වෙනත් අමුද්‍රව්‍ය, උඳුන් තුළ දහනය කර, වීදුරු නිස්සාරණය කර ගැනීමෙන් මෙම වීදුරු කුට්ටි (glass ingots) නිපදවා ඇත. පසුව උණුකර, පබළු, වළලු, සහ වෙනත් අලංකාර වීදුරු නිර්මාණ නිපදවීම සදහා අමුද්‍රව්‍යක් ලෙස මේවා යොදාගෙන ඇත.
තුර්කියේ උලුබුරුන් නැවෙන් (14 cen. BCE) මේ හා සමාන වීදුරු කුට්ටි විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා සංදර්භයක මෙවැන්නක් හමුවන එකම අවස්ථාව ලෙස ගොඩවාය නෞකාවේ පැරණි වීදුරු කුට්ටි වැදගත් වෙයි.
මෙහි හමුවී ඇති වීදුරු කුට්ටි, තද නිල්, ලා නිල්, කොළ සහ තද දම් ආදී විවිධ වර්ණවලින් යුක්තය.
මේවායෙහි රසායනික සංයුතිය පිළිබද සිදුකරන ලද විශ්ලේෂණ මගින් මේවා බොහෝවිට දකුණු ඉන්දියානු පැරණි වීදුරු නිශ්පාදනාගාර තුළ නිපදවන්නට ඇති බවට මත පළ වී ඇත. ඒ අනුව වසර දෙදහසකට පෙර ඉන්දියානු සාගර වෙළදාමේ අමුද්‍රව්‍ය සංසරණය පිළිබද ප්‍රභල සාධකයක් මේ මගින් අණාවරණය වනු ඇත.