බුද්ධ ප්රතිමාව
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-10-13
- භාවිත කළ අමුද්රව්ය
- Wood
- මානයන් (ප්රමාණය)
- W-55cm, H-178cm
- ලේඛන අංකය
- MAMG/2009/W/06
සම්පූර්ණ විස්තරය
මෙම දැවමය ප්රතිමාව වර්ෂ 2004 දී සුනාමි ව්යවසනයෙන් නැගෙනහිර වෙරළට ගොඩගසා තිබිය දී සොයා ගනු ලැබූවකි දකුණු අතින් අභය මුද්රාව දරණ මෙම හිටි බුද්ධ ප්රතිමාවේ හිස, පාදම මෙන්ම දකුණතට හානී වී ඇති හෙයින් නිශ්චිත ශෛලිය දැක්විය නොහැකි වුව ද, සිවුරේ රැළි සහ රටා මෝස්තර අනුව ඉන්දුනීසියානු හෝ මියන්මාරයේ නිපදවන ලද්දක් බව පෙන්වා දෙයි. ප්රතිමාවේ කාල නිර්ණය අවිනිශ්චිතය.